සාලේ හිටපු දූගේ යාළුවෙක් ගෙට දිව්වේ ඔන්න තාත්තා එනවා කියාගෙන, කාමරේදි මම දැකපු දෙයින් මගේ ඇස් අදහාගන්න බැරිවුණා

Posted by

අම්මා වගේම තාත්තා තමන්ගේ දරුවන්ගේ ජීවිත ලස්සන කරන්න මොන තරම්නම් කැපකිරීම් කරනවද..? ඒත් ඒ දුක වේදනාව හදුනන්නේ නැති දරුවෝ කරන වැඩ නිසා අම්මා තාත්තට සැනසීම වගේම සතුටත් නැතිවෙලා යනවා. වැරදි ඇසුරවල් නිසා ජීවිතේ විනාශ වෙලා සපිරිගෙට යන්න සිද්ධවුණු දියණිය නිසා තවමත් දුක් විදින තාත්තා කෙනෙකුගේ හෙළිදරව්වකි මේ.
මට දරුවෝ මහ ගොඩක් හිටියේ නැනැ. මට හිටියේ එක දරුවයි. එයත් ගෑණු දරුවෙක්.

මං මේ දුව හදාගන්න පුදුම දුකක් වින්දා. මම මෙහෙම හිටියට හොද රස්සාවක් කරපු කෙනෙක්.

මම විවාහ වුණේ ගෙදරින් ආපු යෝජනාවකට. අපේ පවුලේ මම විතරයි.

කසාද බැඳලා අවුරුදු තුන හතරක් ගතවුණා. ඒත් බිරිඳට දරුවෙක් ලැබෙන පාටක් තිබුණේ නැහැ…

අපි දෙන්නයි මගේ අම්මයි හැම දේවාලෙකටම ගියා. පුළුවන් තරම් බාර හාර වුණා දරුවෙක් ලැබෙන්න කියලා.

අපි අනුරාධපුරේ ගියා. කතරගම ගියා. දළදා මාලිගාවට ගියා මේ හැම තැනටම පුදපූජා කෙරුවා.

හොඳයි කියන හැම දොස්තර මහත්තයෙක්ම වගේ හමුවුණා.

මේ ඔක්කොම කරන්න පටන් අරගෙන අවුරුදු පහකට විතර පස්සේ මගේ බිරිඳට දරුවෙක් ලැබෙන ලකුණු පහළ වුණා.

ඒත් ඒ වෙනකොට මගේ අම්මයි තාත්තයි දෙන්නම ජීවතුන් අතර නැහැ.

බිරිඳගේ අම්මයි, නංගියි අපේ ගෙදර නතර වෙලා හිටියේ.

ඒ කාලේ මට මතක හැටියට බිරිඳට වයස අවුරුදු 38 ක් විතර ඇති.

මම එයාට වඩා අවුරුද්දයි වැඩිමල්. දුව ලැබෙන්න ආදා ඉදලා බිරිඳ අසනීපයෙන් හිටියේ. දරුවා ලැබෙන්න ඇවිත් මාස හතරක් විතර වෙද්දි බිරිඳට හොදටම අසනීප වුණා.

පෙෂර් වැඩිවුණා. දොස්තර මහත්වරු බයවුණා බිරිඳ ගැන….

ඒ නිසා ඒ ගොල්ලෝ දරුවගේ වයස සම්පූර්ණ වෙන්නත් කලින් සිසේරියන් සැත්කමකින් දරුවව ගත්තා.

දරුවා නිරෝගී කෙනෙක් වුණේ නැහැ. ඒ නිසා මම හිතුවේ අපිට දරුවා නැතිවේවි කියලා.

ඒත් මට නැතිවුණේ මගේ බිරිඳ.

බිරිඳගේ මරණයෙන් පස්සේ දරුවා මාස දෙකක් විතර හිටියේ රෝහලේ.

මාස දෙකහමාරකට තුනකට විතර පස්සේ අපිට දරුවව දුන්නා ගෙදර ගෙනියන්න කියලා.

මම දන්නේ නෑ මට ඒ වෙලාවේ දැනුනේ සතුටද දුකද කියලා. මම හරියට ඇඩුවා.

බිරිදගේ නංගියි අම්මයි මගෙත් එක්ක නතරවුණා.

නංගි විවාහවෙලා හිටියේ නැහැ.

එයා මගේ දරුවට අම්මා කෙනෙක් වුණා. අපි මේ දරුවව ඉතාමත් ආදරෙන් හදාගත්තා.

ඒත් දරුවා ටික ටික ලොකු වෙනකොට අම්මා නංගිවත් අරගෙන ගමට ගියා.

අම්මට ඕන වුණේ නංගිව වෙනත් කෙනෙකුට බන්දලා දෙන්න. ඒත් ගමේ ගිහිල්ලා ටික දවසකින්ම නංගි ආයෙමත් ගෙදර ආවා.

ඒත් අම්මා ආවේ නැහැ. ගමේ මිනිස්සු එක එක කතන්දර කියනවා කියලා මට ආරංචිවුණා. අපේම නෑයෝ වුණත් එහෙමයි. මම අන්තිමට හිතාගතත්තා ගේ ඉඩම විකුණලා වෙන කෙහෙටහරි යන්න..
බිරිඳගේ නංගි ඇවිත් අවුරුද්දකට විතර පස්සේ අපි ගේ ඉඩම් විකිණුවා. පිට පළාතකට පදිංචියට යන්න ගිය අපි ඊට කළින් අපේ විවාහය ලියාපදිංචි කළා.

බිරිඳගේ නංගිගේ නම සෞම්‍යා. අපි දරුවත් හදාගෙන බොහොම සතුටින් හිටියා.

දරුවගේ පපුවේ සිදුරක් තිබුණා. ඒක වෛද්‍යවරුන්ට පෙන්නුවට පස්සේ දරුවව ශල්‍යකර්මයකට ලක් කෙරුවා.

ඊට පස්සේ දුවට තිබුණු ලෙඩ සනීප වුණා. මට ඕන වුණේ දුවට හොඳට උගන්වන්න.

දුවව අපි කොළඹ ලොකු ඉස්කෝලේක්ට දැම්මා. සෞම්‍යා තමයි මුලින්ම දුවව ඉස්කෝලේ අරගෙන ගියේ.

මම හිතුවේ නෑ සෞම්‍යා කිසිම දවසක මාව දාලා යාවි කියලා.

ඒත් සෞම්‍යා දුවව ඉස්කෝලේ අරගෙන යද්දි මගදි හමුවෙච්ච කා එක්ක හරි යාළුවුණා.

සෞම්‍යා එයත් එක්ක යන්න ගියා. මගේ දුවයි මමයි ආයෙමත් තනිවුණා. සෞම්‍යා නැති පාලුව දරාගන්න බැරිවුණා.

මම ආයෙමත් විවාහයක් ගැන හිතුවේ නෑ.

දුවයි මමයි බොහොම සහයෝගයෙන් හිටියට මට තනියම දුවගේ කටයුතු කරගන්න අමාරු වුණා…

මම දුවව නේවාසිකාගාරයක නතර කෙරුවා. මටත් නොදැනිම මගේ දුව ලොකුවුණා.

සාමාන්‍ය පෙළ විභාගය ලියනකොට මගේ දුව බොහොම හැඩකාර කෙල්ලෙක්. හරියට රෝස මලක් වගේ. මං දූ ගැන හරිම ආඩම්බරෙන් හිටියේ.

මම හිතුවා දුව හොදට ඉගෙන ගනීවි කියලා. විභාගයෙන් පස්සේ දුව ගෙදර ආවා.

තාත්ති මම ගෙදරට යාළුවෙක් ගෙන්න ගන්නවා.. මට මෙහෙ තනියම ඉන්න කම්මැලියි.

දුව එහෙම කියලා එයාගේ යාළුවෝ දෙන්නෙක්ව ගෙන්න ගත්තා. ඒ අයගෙන් එක දරුවෙක් ගැන මම හොඳට දන්නවා.

ඒ දරුවගේ තාත්තා මගේ යාළුවෙක්. කොහොම හරි මේ දරුවෝ තුන්දෙනා ගෙදර හිටියා.

මං දවල් දවසේ කන්තෝරුවේ හිටියේ. දරුවෝ කරන්නේ මොනවද කියලා මම හරියට දැනගෙන හිටියේ නැහැ.

මම දවසක් ගෙදර එද්දි අපේ ගේ ළග මෝටර් සයිකලයක් නතර කරලා තිබුණා. මම බැලුවේ පුදුම වෙලා.

සාලේ හිටපු දූගේ යාළුවෙක් ගෙට දිව්වේ ඔන්න තාත්තා එනවා කියලා.

මං ගෙට ගියේ පුදුම තරහකින්. ඒත් දුගේ කාමරේදි මම දැකපු දෙයින් මගේ ඇස් අදහාගන්න බැරිවුණා.

කිසිම තාත්තා කෙනෙක්ට එවැනි දෙයක් දකින්න ලැබෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමදේම දැක්කම මම යකෙක් වුණා….

ගේ අස්සේ හිටපු කොල්ලා පැනලා දිව්වා. මම දූගේ යාළුවන්ව ඒ අයගේ මව්පියන්ට එන්න කියලා බාරදුන්නා.

දුව හිටියේ මත්වෙලා වගේ. අර ගෑණු දරුවොත් ඒ වගේමයි. මට හිතාගන්න බැරිවුණා මෙයාලට මොකද වෙලා තියෙන්නේ කියලා.

මම දුවව දොස්තර මහත්තයෙක් ගාවට එක්කගෙන ගියා.

එතකොට තමයි දැනගතක්තේ දූ කුඩුවලට ඇබ්බැහිවෙලා කියලා.

මම දුවව එක්කගෙන ආවා. මම හිතාගත්තා සතියක් විතර ගෙදර ඉන්න.

දුවව ආදරෙන් බලාගත්තා. හැම තිස්සෙම හොයලා බැලුවා. ඒත් දුව හැමවිටම මාව මගහරින්න බැලුවේ.

තනියම කල්පනා කරනකොට පුදුම වේදනාවක් හිතට දැනෙන්න ගත්තා.

ඒත් ඒ දුක කියා ගන්න කෙනෙක් මට හිටියේ නැහැ. කාටවත් කියාගන්න බැහැ.

සතියක් විතර යනකොට දුව සාමාන්‍ය තත්ත්වයට ආවා.

ඒත් දුව හැදුනේ නැහැ. දවසක් මම බඩු ගේන්න ටවුමට ගියා.

එදා හැන්දෑවේ දුව නිදියගෙන හිටපු නිසා මම එයාව ගෙදර තියලා ගියේ. ඒත් මම ටවුමට ගිහිල්ලා එනකොට දුව ගෙදර නැහැ.

මම පිස්සුවෙන් වගේ දුවව හැමතැනම හෙව්වා. මාස ගාණක් යනතුරු දුවව හොයාගන්න බැරිවුණා.

මේ අතර මම රස්සාවෙන් විශ්‍රාම ගියා. මගේ හිතේ අමාරුව කියාගන්න කෙනෙක් හිටියේ නැහැ. මම දුවගේ යාළුවන්ගේ ගෙවල්වල ගියා.

ඒත් දුව ඒ කෙහෙවත් හිටියේ නැහැ.

මම හැමදාම පන්සල් ගියා. මගේ දරුවා ආරක්ෂා කරලා දෙන්න කියලා.

බෝධිය නාවලා ප්‍රාර්ථනා කළා. කොහොමහරි අවුරද්දකට විතර පස්සේ පොලිසියෙන් අපේ ගෙදර ආවා.

ඔවුන් ආවේ මට දුව ගැන තොරතුරක් අරගෙන.

මම දන්නේ නෑ ඇයි දුව පොලිසියට මගේ විස්තර දුන්නේ කියලා.

මම දුව බලන්න ගියා. පුදුම විදිහට වෙනස්වෙලා දුව.බංකුවක වාඩිවෙලා හිටපු දුව මගේ කකුල් දෙක ළඟ වැටිලා අඩන්න ගත්තා….

මට මගේ පුංචි කෙල්ලගේ උණුසුම දැනුනේ හුඟ කාලෙකට පස්සේ.

ඒත් දුවව උසාවි ඉදිරිපත් කළාට පස්සේ එයාට දඩුවම් නියම වුණා.

වැරදි හැටියට තිබුණේ අනාචාරයේ හැසිරීම, මත්ද්‍රව්‍ය භාවිතය සොරකම් කිරීම.

මම හැම මාසෙම ඇවිත් දුවව බලලා යනවා. දුව දැන් හැදිලද කියන්න මම දන්නේ නෑ. ඒත් එයා මොන දේ කළත් මගේ දරුවනේ.

මං බොහොම අමාරුවෙන් හදාගත්ත මගේ කෙලි පොඩිත්ත මෙහෙම හරි දකින්න ලැබීම මට සැනසිල්ලක්….
😟😟 යාලුවන්ටත් පාඩමක් ඉගනගන්න share කරන්න 😟😟

Shares 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *