දඩමස් සමඟ කංසා සාප දුන් මංගර දෙවියන්ගේ කූරගල බිමේ අවාසනාව සොයා ගිය ගමන මෙන්න

Posted by

දඩමස් සමඟ කංසා සාප දුන් මංගර දෙවියන්ගේ කූරගල බිමේ අවාසනාව සොයා ගිය ගමන මෙන්න

බෙෘද්ධයින්ට ඉතාමත් වැදගත් තැනක්. ඉතිහාසයේ විවිධ අවස්ථාවලදි කූරගල ගැන අහන්න ලැබෙන්නේ මෙන්න මේ විදියට තමයි. විටෙක එය රාවණා රජුගේ ඉන්ද්‍රගිරි රාජධානිය බවත් තවත් අවස්ථාවකදි වලගම්බා රජ සමයේ රාජ්‍ය පැහැරගත් ආක‍්‍රමනිකයින්ට

විරුද්ධව වලගම්බා රජතුමා සැඟවි සිට සටන් සංවිධානය කල තැනක් බවටත් සදහන් වෙනවා. ඒ වගේම වසර දහස් ගානක් ඈත අතීතයේ අසුර නම් රජෙක් විසු බවත්, ඔහුගේ

රාජධානිය කූරගල තිබු බවත් ඇතැමෙක් සදහන් කරනවා. එමෙන්ම ගෞතම බුදුරජානන්වහන්සේ ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දිවා විවරණය කළ දිවා ගුහාව කූරගල පිහිටා ඇති බව තවත් මතයක්. ඒ කෙසේ වෙතත් ක‍්‍රි.පූ 2වන සහ ක‍්‍රි.ව 1වන සියවසට අයත් පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් රහතන් වහන්සේලා භාවනායෝගිව වැඩ සිටි ලෙන් ආරාම වලින් සැදුම් ලත් බෞද්ධ පුද බිමක් විධියට අපිට කූරගල හඳුනාගන්න පුළුවන්..

ඒ නිසා අපි අද යන්න ලෑස්ති මෙන්න මේ කිව්ව කූරගල සොයාගෙන. කොළබින් පිටත්වුන අපි අවිස්සාවේල්ල රත්නපුර හරහා බලංගොඩට එන විට දවල් එකත් පහුවෙලා. බලංගොඩින් කල්තොට මාර්ගයේ කි.මි.23ක් පමණ පැමිනි පසු හමුවන තංජන්තැන්න මංසන්දියෙන් කෝකටත් කියලා පාර ඇහුවේ කූරගල සදහන් පුරාවිද්‍යා බෝඞ් එකක් නොතිබු නිසා. මාර්ගය අයිනේ කොහෙට හරි යන අදහසින් සිටි මැදිවියේ අයකුගෙන් මම ”‍කූරගලට යන පාර මේකදැයි..”‍ විමසුවා.

”‍මහත්තයා කූරගලට යන පාර මේකද…..?”‍
”‍මම නම් දන්නේ නෑ. ඔය අහන්නේ පල්ලියට යන පාරද..? ඔහු අපෙන් ඇහුවා.
”‍නැහැ…කූරගල පන්සලට යන පාර….”‍ කූරගල පල්ලියක් නෙවෙයි අපි බලන්න ආවේ. ඒකයි මම එහෙම කිව්වේ. ඔන්න එතකොටම ළඟ කඬේක සිටි කෙනෙක්ගෙන් අපිට උත්තර දුන්නා.

”‍ඔව්මේ.. පාරේ තව කි.මි.2ක් විතර යන්න ඕනෑ.. මමත් යන්නේ එහෙට තමා.. මටත් යන්න පුළුවන්ද..”‍ යැයි ඔහු අපෙන් ඉල්ලිමක් කළා. ඒ නිසා

නොදන්න පාරක යන එකේ දන්න කෙනෙක් දාගෙන යන එක කෝකටත් හොදයි කියලා ඔහුවත් වාහනයට නංවාගෙනම අපි කූරගලට යන්න පිටත් වුනා. යන ගමන් ආගන්තුකයාගෙන් තොරතුරු විමසිමේදි තමයි දැන ගත්තේ ඔහු කල්මුනේ ඉදන් පල්ලියේ උත්සවයට පැමිනෙන පුද්ගලයකු බව. නමුත් ඔහුගෙන් අපි අහපු තොරතුරු වලින් පෙනී ගියේ ඔහු කූරගල බෞද්ධ උරුමය ගැන කිසිවක් නොදන්නා බව. කොහෙම හරි අපි කතාවෙන් කතාවෙන් ඔන්න කූරගල කඳුවැටිය පාමුලටම ඇවිත්. මාර්ගය කන්ද පාමුලින් අවසන් නිසා වාහන නතර කරලා ඉතුරු ටික පයින් තමා යන්න වෙන්නේ.. අපි කූරගලට පැමිනෙන විටත් පොලිස් ජිප් රථ දෙකක්ම පැමිණ තිබුනා.අතරමගදි නංවා ගත් පුද්ගලයා අපට ඔහුත් සමග ඉහලට යන්න ආරාධනා කළත් අපි ටිකක් නතර වුනේ ජිප් රථවල සිටි පොලිස් රියදුරන්ගෙන් කූරගල ගැන යම් අවබෝධයක් ලබාගෙනම ඉහලට යන එක හොඳයි කියලා සිතුන නිසා. හැබැයි ඉතින් පොලිස් රියදුරන්ගෙන් විස්තර ඇහුවත් ඔවුන් ලබාදුන් පිළිතුරු වලින් අපට පෙනී ගියේ මේ පුදබිම ගැන කතා කරන්න යම් මැලි කමක් දක්වන බවයි. කෝකටත් ඉතින් ගිහිල්ලම බලමුකෝ කියලා අපි ඉහලට යන්න ගමන් ආරම්භ කළා.

වාහන නතර කරන ස්ථානයේ සිට මිටර් 500ක විතර ගමනකින් පසු කූරගල පුරා විද්‍යා පුදබිමට ලඟා වෙන්න පුළුවන් . කන්ද තරණය කරන්න පහසු විම සදහා එදා රජ දවස ගලේ කපා ඉදිකල පිය ගැට පෙලවල් එක්කරන්නේ අතීතය ගැන ආඩම්බරයක්.. නමුත් අන්‍යාගමිකයින්ගේ තොරන් එම පියගැට පෙලවල්වලට ඉහලින් ඉදිකර තිබිම නම් ඇත්තටම බෞද්ධයන් වශයෙන් කනගාටුවට කරුණක්. කූරගල පුරා විද්‍යා පුදබිමට පැමිණ පුරාවිද්‍යා කාර්යාලයේ නිළධාරි මහතකුගෙන් තොරතුරු විමසිමෙන් පසු කූරගල, පිටුවන්ගල වගේම ලෙන් පිහිටා තියෙන තැන් පිළිබද යම් අවබෝධයක් ලබාගෙනම පුදබිමේ සංචාරය ආරම්භ කළා. අපි මුලින්ම ගියේ කූරගල ගල මුදුනට.

කූරගල කියන්නේ බෞද්ධ උරුමයක් වගේම සොබා සුන්දරත්වයෙන් පිරි තැනක්. ඇත්තටම ඒ බව කූරගල ගල මුදුනට පැමිනි පසු දකින දසුනෙන්ම සක්සුදක් සේ පැහැදිලි වෙනවා. වම්පසින් මධ්‍යම කදුකරය. එය බලංගොඩ සිට හපුතලේ දක්වා පැහැදිලිව දැක ගන්න පුළුවන් . ඒ වගේම පහලින් පේන කල්තොට තැනිතලාව, කුඹුරුයායවල් වගේම ඒවා පෝෂණය කරන පුංචි පුංචි වැව් එක්කරන්නේ චමත්කාර දසුනක්. ඈතින් පේන උඩවලව ජලාශයට ගලාගෙන යන වලවේ ගෙඟ් නිම්නයත් හොඳට නිරික්ෂනය කරන්නෙකුට නම් දැක ගන්න පුළුවන්. අහස පැහැදිලි දවසක හම්බන්තොට වරායට එන නැව් වගේම මත්තලට එන යන ගුවන්යානා වුනත් දැක ගන්න පුළුවන් බවයි පැවැසෙන්නේ.

කූරගල ගල ගැන ඇත්තටම විවිධ මත තියෙන්නේ. කූරගල ගල මුදුනේ තියෙන චෛත්‍යයට කියන්නේ ”‍මහ රජ සෑය”‍ කියලා. මෙතැන මාරයා පරාජය කල තැන කියලත් කියනවා. මාරයා පරාජය කලේ ඔය සක්වල ගල මුදුනේ කියනවානේ. බුදුරඡුානන් වහන්සේ මාරයා පරාජය කරනවා බලන්න දෙව්වරු මේ කූරගලට වැඩියා කියලත් කතාවක් තියෙනවා . ඒ වගේම ඉතින් සමනල කන්දේ හිටියලූ‍ අගස්ති සහා පුලස්ති කියලා දෙව්වර දෙදෙනෙක්. කූරගල ගලේ පහල තියෙන ගුහාවේ තමයි ඔය අගස්ති කියන ඉසිවරයා ඉදලා තියෙන්නේ. ඒ වගේම පුලස්ති කියන ඉසිවරයත් භාවනායෝගීව වැඩහිටියේ කූරගල කියලා තමයි කියන්නේ. කූරගල ගල මුදුනේ ඉදන් පහල බලපුවාම හම්බන්තොට දක්වාම තැනිතලා පිහිටිමක් තමයි දැක ගන්න තියෙන්නේ.

එදා අතිතයේ මේ කූරගල දක්වාම මුහුද තිබුනා කියලා ජනප‍්‍රවාදයේ තවත් කතාවක් තියෙනවා. ජනප‍්‍රවාදයේ කතා කියලා අපට එක පාරම අහක දාන්නත් බැහැ. මොකද කූරගලට ආසන්නව තියෙන බෙල්ලන්බැදිපැලැස්සේදි වසර 13000ට වඩා පැරනි පුරා වස්තු සමග බෙල්ලන් විශේෂයක් හමුවිමෙන්ම පැහැදිලි වෙනවා එදා මානවයා මුහුද සමග සමීපව ගනුදෙනුකල බව. ඒ වගේම පහල කල්තොට ජනතාව අතිතයේදි තම වගා වලින් නෙලා ගත් අස්වැන්නෙන් අලූ‍ත් සහල් මංගල්‍යය පවත්වා කිරි ආහාර පූජා කිරිමට කූරගලට පැමිනුනාලූ‍. හාස්කම් පවතින කූරගලට මංගර දෙවියන් සහා සුමන සමන් දෙවියන්ගේ ඇල්ල බැල්ම පවතින බව ගැමියන්ගේ විස්වාසයයි.

නමුත් අද වන විට මේ පුදබිම අන්‍යගමිකයින්ගේ වැදුම් පිදුම් කරන තැනක් බවට පත්වි හමාරයි. මේ අන්‍යාගමික හිමිකරගැනීමේ කතාවත් ඉතාම දුක්මුසු එකක්. ඉන්දියාවේ සිට පලා ආ පුද්ගලයකු මේ කූරගල පිටුවන්ගල ලෙන්වල භාවනා යෝගිව සිටියලූ‍ . පලා ආ පියා සොයාගෙන ආ පුතා, තම පියා කූරගලදි ඝාතනය කර ඔහු මේ ලෙනේ ජීවත් වූ බවයි පැවැසෙන්නේ. මේ කියන තාත්තා මරලා මේ දේවියන් පවා වැඳුම් දුන් පුදබිමේ නතර වුන පුතා නමින් අලි මස්තාන්. ඔහු ගලලෙන්වල ජීවත් වෙමින් කංසා සහ දඩමස් වෙළදාම ජයටම කර බවයි පැවැසෙන්නේ. ඔහුගෙන් කංසා සහ දඩමස් ලබාගැනිමට බලංගොඩ ව්‍යාපාරිකයින් එන්න පුරුද්දක් කරගත්තලූ‍ . අලි මස්ථාන් ලෙනේ අල්ලා දෙවියන් වෙනුවෙන් පිං පෙට්ටියක් තියලා තියෙනවා . ඹහු හමුවෙන්න එන අය මේ පිං පෙට්ටියට මුදල් දාලා.

කොහොම හරි අලි මස්ථාන් ප‍්‍රචාරයක් ගෙනිච්චලූ‍ කූරගල ගල මුදුනේ තියෙන ගුහාව ස්වර්ගයට යන මාර්ගය කියලා. මේ කතාව අහපු මුස්ලිම් දෙස් විදෙස් අය පවා එන්න පටන් ගත්තලූ‍. අලි මස්තාන්ගේ පිං පෙට්ටියත් හොඳට පිරුනලූ‍. ඉතින් ඔන්න ඔහොම තමයි දහනව වන ශත වර්ෂයේ මුල් භාගේ කූරගල අන්‍යාගමිකයින් අතට පත් වේලා තියෙන්නේ.

නමුත් එදා පාලනය කල අය හරියට තමන්ගේ රාජකාරිය ඉටු නොකළ නිසා අපට උරුම බෞද්ධ උරුමය අහිමි වෙලා ගිහින්. ඔවුන් මේ පුද බිම තුල පල්ලි, විශ‍්‍රාම ශාලා, වැසිකිලි වගේ විශාල ගොඩනැගිලි ප‍්‍රමානයක් 2013 වන තෙක්ම ඉදිකරලා තිබුනා. 2013 /04/08 වැනි දින එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය
රාඡුපක්ෂ මහතාගේ උපදෙස් මත පල්ලිය හැර ඉදිකර තිබු අනිකුත් ගොඩනැගිලි සියල්ල ඉවත් කිරිම ඇත්තටම සතුට දනවන කරුනක්. නමුත් පුරා විද්‍යා බලධාරින්ගේ යුතුකම වන්නේ අනිත් ඉදිකිරිම්ද ඉවත් කිරිමට කට යුතු කිරිම කියන එකයි අපේ හැඟීම.

එහෙමනම් අපි කූරගල පුද බිමෙන් සමු ගන්නම්. ඔබත් දවසක මෙහි සංචාරය කරනවා නම් කූරගල මහ රජ සෑයට මල් පහන් පුජා කරන්න අමතක කරන්න එපා. ඒ සදහා අවශ්‍ය දේවල් රැුගෙන යන්නත් වග බලාගන්න කියලා මතක් කරනවා.

Shares 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *