බ්ලූවේල් වෙනත් මුහුණුවරකින් නැවත හිස ඔසවයි – ප්‍රවේශම් වන්න ඔබත් අනතුරේ..!!

Posted by

සියදිවි හානි කර ගැනීම තෙක් මනස විකෘති කරන ක්‍රීඩාවක් පිළිබඳව පසුගියදා උණුසුම් කතාබහක් පැවතුනා. ඔන්ලයින් ක්‍රීඩාවක් වන මෙම ක්‍රීඩාවේ චැලේන්ජ් ලෙස අභියෝගයන් පහක් ඔස්සේ විවිධ මනස විකෘති කරන ක්‍රීඩාවන් 5ක් ඇතුලත් වුණා.

මෙම අභියෝගයන් 50 අතර අත් කපා ගැනීම් , උස ගොඩනැගිලි වලින් පැනීම් ආදී විවිධ මනස විකෘතී ක්‍රීඩාවන් 50 ක් ඇතුළත් වුණා.

මෙම ක්‍රීඩාව සිදු කිරීමෙන් තරුණ ජීවිත සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි වූ අතර එම ක්‍රීඩාව නතර කිරීම සඳහා මාධ්‍යද එක්වී එය නතර කිරීමට විවිධ දෑ සිදු කරා.

එම ක්‍රීඩාවේ අහිතකර තත්ත්වය සමාජයට පැහැදිලි කිරීමෙන් අනතුරුව සමාජයෙන් ක්‍රමයෙන් මෙම ක්‍රීඩාව දුරස් වු අතර එය නවතම මුහුණුවරකින් සමාජය වෙත නැවතත් එමින් පවතින බව අපට ආරංචි වුණා.

ආරංචි මාර්ග හැටියට මෙම බ්ලූවේල් ක්‍රීඩාව නවතම මුහුණු වරකින් වීඩියෝවක් මාර්ගයෙන් වට්සැප් වෙත යොමු කිරීමට සූදානම් වී තිබෙනවා.එය නමින් Martinelli නම් වනවා.එය විවෘත නොකරන සිටින මෙන් අප ඔබෙන් ඉල්ලා සිටින අතර එය විවෘත කළහොත් විනාඩි 10 ක් ඇතුළත ඔබගේ ජංගම දුරකථනය හැක් වීමට ලක් වනවා. හැක් වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් වෙනත් කිසිදු දෙයක් අපට සිදු කළ නොහැකි අතර අපගේ සියලුම දත්ත ඔවුන් ලබා ගැනීම සිදු කරනවා.

එසේම මෙහි අනික් පැතිකඩක් ලෙස Popcorn carnival ලෙස ලින්ක් එකක් ලෙස පැමිණෙනවා.ඉන් සිදුවන්නේද දුරකථනය හැක් වීමකි.මෙහිදී පුද්ගලික සහ රහසිගත සියලුම තොරතුරු ඔවුන්ට ලබා ගැනීමට හැකි වනවා.

දුරකථනය නැවත යථා පරිදි ලබා ගැනීමට නම් එම ගේම් එක සෙල්ලම් කරන ලෙස ඔවුන් බල කර සිටිනවා. මේ ආකාරයට අදාල ගේම් එක වෙත මිනිසුන්ව නැඹුරු කර ගැනීම ඔවුන්ගේ උත්සහයයි.

මෙම පණිවිඩය හැකිතාක් ශෙයා කර මිතුරන් දැනුවත් කරන්න..!!

Shares 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *