මියදුණු ගල්ගමුවේ දළ පූට්ටුවා නොසිතූ ලෙස කලා වැවෙන් මතු වෙයි… මෙන්න ඇත්ත විස්තරය

Posted by

ඊයේත් මම දැක්කා රංචුවත් එක්ක ඉන්නවා හොඳට”

“කලා වැව ජාතික උද්‍යානයට ආවේනික රංචුවේ තමයි හිටියේ”

සොබාදහමේ උරුමයට එරෙහි වන්නට මිනිසාට නොහැකි බව වෙනස් කළ නොහැකි ධර්මතාවයක්.

මේ කියන්නට යන කතාව එය තව තවත් තහවුරු කරන්නක් වනවා නොඅනුමානයි.

මිනිසා විසින් සොබාදහමට අහිමි කරන සම්පත් වෙනුවෙන් සොබාදහම විසින්ම යළි සොඳුරු සම්පත් නිර්මාණය කරන බවටද මෙය කදිම උදාහරණයක්.

පසුගිය වසරේ අවසානය වන අලින්ගේ ජීවිත කතාවලට එතරම් සුබවාදී වූයේ නැහැ.

ගල්ගමුවේ දළ පූට්ටුවා මිනිස් වෙස්ගත් නොමිනිසුන්ගේ ගොදුරක් බවට පත්වන්නේද ඒ හේතුවෙන්.

දල දෙක නිසාම මරා දමා කැබලි කර දැමූ දළ පූට්ටුවාගේ සිරුර සොයාගත් පුවත සොබාදහමට ආදරය කරන මිනිස් හදවත් කම්පා කළා.

එහෙත්, ඒ සැබෑ මිනිසුන්ට සැනසීමක් දෙන මේ පුවත ළ පූට්ටුවාගේ පුතෙකු ලෙස සැලකෙන ඇසල නම් හස්තියා පිළිබඳවයි.

දැනට කලාවැව රක්ෂිතයේ අලි රංචුව සමඟ සිටින ඇසළගේ දළ දෙකත් කෙමෙන් කෙමෙන් ලංවෙමින් පවතින්නේ දළ පූට්ටුවාගේ උරුමය ඇසලට හිමි බව තහවුරු කරමින්.

වසර ගණනාවක් පුරා අලි සමඟ ජීවත් වූ නිසාම අලි ආනන්ද ලෙස හැඳින්වෙන වනජීවි දෙපාර්තමේන්තුවේ ස්වෙච්ඡා මාර්ගෝපදේශකයෙකු වූ ඩී.එම්.ආනන්ද බණ්ඩාර ඇසළ ගැන මුලින්ම හිරුට හෙලි කලේ මෙලෙසයි.

‘‘ඇසල කියන නම තමයි එයාට දීලා තියෙන්නේ. ඊයේත් මම දැක්කා රංචුවත් එක්ක ඉන්නවා හොඳට. රංචුව ගත්තට පස්සේ ඒ වගේ දළ පූට්ටු පැටියෙක් නෑ තාම. ඉන්නේ ඇසළ විතරයි. ඒ ආසන්න සීමාවට ආපු කෙනෙක් නෑ තාම.

මාස 18 ක් 20 වගේ ඇසල ගේ වයස. කලා වැව ජාතික උද්‍යානයට ආවේනික රංචුවේ තමයි හිටියේ. එයා ගල්ගමුව පැත්තට ආවේ ගියේම නෑ. මොකද පැටිය නිසා. ලොකු උනාට පස්සේවත් යයි ද දන්නේ නැ.

මොකද දැන් එයා හොද තරුණ වයසේ නේ ඉන්නේ. හොදින් ඉන්නවා ඇසළ. තනිකර දළ පුට්ටුවාම තමා. දළ දෙකත් දළ පුට්ටුවාගේ වගේ යන්නේ. තනිකර එයාගේ ලක්ෂණම තමා තියෙන්නේ. දළ පුට්ටුවායි ඇසලයි ලගින් තිබ්බාම එහෙම අයියයි මල්ලියි වාගේ එක රූප ලක්ෂණ වාගේ තියෙන්නේ.’’

අමතක කළ නොහැකි දල පූට්ටුවා ගැන මතකය ඔහු මෙලෙස අවදි කළා.

‘‘දළ පුට්ටුවා අසාමාන්‍ය කෙනෙක්. මොකද එයාගේ ගමන් බිමන් දළ දෙක. එයා අනික කිසි කෙනෙකුට කරදරයක් නෑ. පොඩි ළමයි ගොඩාක් හිටියත් එහෙම කරදරයක් නෑ. එයාගේ පාඩුවේ දළ පුට්ටුවා හිටියේ.

පන්නන්න ගහන්න ඒවා කිසි දෙයක් නෑ එයාගේ. පුදුම ආදරයක් තිබුණේ මිනිස්සු දළ පුට්ටුවාට. එයාගේ ඇස් පේන්නැති කාලේ කලා වැවට එන කාලේ මහපාර දිගේ ගිහිල්ලා පස්සේ අපි වැව් පිටියට ගෙන්නලා මාස ගාණක් කඳවුරු බැඳලා බෙහෙත් කරලා හොඳ වුනාට පස්සේ තමයි දළ පුට්ටුවා ගල්ගමුවට ගියේ.

දැනටත් එහෙම තමයි මිනිස්සු අදටත් මතක් කරද්දී හරි දාන පිරිත් පවා කිව්වා දළ පුට්ටුවා වෙනුවෙන්.’’

අදටත් සොඳුරු මිනිසුන් දල පූට්ටුවා වෙනුවෙන් දාන මාන පිංකම් සිදුකරන බව අලි ආනන්ද පැවසුවා.

දල පූට්ටුවාගේ අහිමිවීමෙන් කම්පිත වූ හදවත්වලට ඇසල ගැන මෙම පුවත මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානයි.

දල පූට්ටුවා මුහුණදුන් ඉරණමට ලක් නොවී මේ සොඳුරු නිර්මාණය රැකගැනීම සොබාදහමට ආදරය කරන අප සෑම සියලූ දෙනාගේම වගකීමයි.

Shares 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *